Thursday, 21 June 2018
කිලිනොච්චියේ දී සාහසික ෙලස මරා දැමූ කොටියා
කථාව පටන් ගත යුත්තේ කිලිනොච්චියේ මිය ගිය කොටියාට දිවියා යැයි කියන අයව නිවැරදි කරමින් යන්න මාගේ පුද්ගලික අදහස විය. Panthera pardus kotiya (පැන්තෙරා පාඩස් කොටියා) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශ්‍රී ලංකා කොටියා බොහෝ දෙනෙකු දිවියා යන වැරදි නාමයෙන් හදුන්වයි. ලංකාවේ දිවියන් සිටියි. නමුත් මේ පුල්ලි සහිත සුන්දර පෙනුමක් අැති දිවියන්ට වඩා විශාල බිළාල පවුලේ ශ්‍රී ලංකා කොටියා දිවියෙකු නොවෙයි. ලොව වාසය කරන කොටි ප්‍රභේද 8න් ඒකක් වන ශ්‍රී ලංකා කොටියාට කොටියා නොකියන්නේ ලංකාවේ අපට කොටියා යනු ඒල්ටීටීඊ සංවිධානය ලාංඡනයට භාවිතා කරන ඉන්දියානු බෙංගාලි ව්‍යාඝ්‍රයා යන නමින් හදුන්වන කොටි විශේෂය පමණක් අපට කොටියා ලෙස දැනෙන බැවිනි. අතීතයේ ශ්‍රී ලංකා කොටියාට කොටියා යන වදන සිංහල මිනිසුන් භාවිතා කර අැත. ඒ් අනුව නිවැරදි ඉංග්‍රීසි වචන පිළිවෙලින් කොටියා යන්නට Leopard යන්නත්, ව්‍යාඝ්‍රයා යන්නට Tiger යන්නත් භාවිතා කිරීම සුදුසුයි යන්න මාගේ පුද්ගලික හැගීම වේ.
සිරිසේන අාණ්ඩුවේ මාධ්‍ය නිදහස
පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඒම පාලනයට නයාට අදුකොළ සේ වූ මාධ්‍ය අායතන කීපයක් විය. ඒ් අතර සිරස මාධ්‍ය ජාලය, ඊතලය වෙබ් අඩවිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය, සියත මාධ්‍ය ජාලය, ලංකා සහ ජනරළ පුවත්පත්, රාවය පුවත් පත අාදිය ද වේ. ඒ් අතර සන්ඩේ ලීඩර් වැනි ඉංග්‍රීසි පුවත්පත් ද විය. රාවය පුවත්පත හැර අන් සියල්ලට ප්‍රහාර ඒල්ලවිය. රාවය බේරැණේ රාවය සතු කුඩා පාඨක පිරිසට සාපේක්ෂව වික්ටර් අයිවන් හා ගැටීම අනවශ්‍ය අවධානමක් යැයි ඔවුන් කල්පනා කළ නිසා විය හැක. කෙසේ වෙතත් අනිත් අායතන මාධ්‍ය මර්ධනයෙන් බැටකෑහ. ලංකාවේ ඒදා මෙදා තුර ප්‍රථම වරට මාධ්‍ය වාරණය යටතේ අවහිර වූයේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒම කාර්යාලයට ද ප්‍රහාරයක් ඒල්ලවිය.
ඒහි මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන් වූ අතර අදවන තුරැ අාගිය අතක් නැත. කෙසේ වෙතත් වත්මන් ජනපති සිරිසේන මහතා ඒම තනතුරට ගෙන ඒ්මට සිදුවූ දේදුනු විප්ලවයේ දී ලංකා ඊ නිව්ස් ලංකාව තුල අවහිරව ව තිබුණත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සැලකිය යුතු තරම් ජන මතයක් ගොඩනැගීමට ලංකා ඊ නිව්ස් සමත් විය. සිරිසේන මහතා ජනපති වූ වහාම ඊ නිව්ස් නැවත ලංකාවට බැලිය හැකි ලෙස සකස් විය. ඒ් සිරිසේන මහතා දෙනවා යැයි කියූ මාධ්‍ය නිදහස දෙන්නට යන වැඩපිළිවෙල යටතේ බව පැහැදිලිවේ. නමුත්, ජනපති තනතුරට පත්ව ඔහු හා ඔහුගේ පවුලේ උදවියත්, සමස්ථ රජයත් කරගෙන යන වැඩපිළිවෙල තුල අැති පැරණි රාජපක්ෂවරැන්ගේ දුර්ගුණ හමුවේ ලංකා ඊ නිව්ස් නිශ්ශබ්ද නොවීය. ඔවුන් දිගටම සිරිසේනලාගේ ක්‍රියාකලාපය විවේචනය කළෝ ය.
ජනපති සිරිසේන නැවතත් ලංකා ඊ නිව්ස් තහනම් කළේය.
Tuesday, 19 June 2018
අමතර අාදායමකට හරි මග
අද සමාජයේ අපට ඒදිනෙදා හමුවන බොහෝ දෙනෙකු විමසන්නේ අමතර අාදායම් මාර්ගයක් ගැනයි. ඒ් නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මාධ්‍යකරණය වෘත්තිය කරගත් පුද්ගලයෙක් ලෙස බොහෝ දෙනෙකු මා හදුනාගෙන අැත බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිදැයි යන්නයි. විටින් විට නගර සහ ගම්බදව ද අන්තර්ජාලයෙන් මුදල් උපයන අාකාරය ගැන කියා දෙන වැඩමුලුද පවත්වනු ලබන අාකාරය දැකගත හැකියි. ප්‍රථමයෙන්ම මම සදහන් කළ යුත්තේ මගේ අරමුණ හුදෙක් අන්තර් ජාලයෙන්ම මුදල් උපයන අාකාරය ගැන කියා දෙන්නට නොව ඔබට අතිරේක අාදායම් මාර්ගයක් සකස් කර ගැනීමට යම් අත්වැලක් සැපයීම බවයි.
ප්‍රථමයෙන්ම ඔබ නොකළ යුතුම දේ වනුයේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියාදෙන වැඩමුලු වලට මුදල් ගෙවා සහභාගී වීමයි. මන්ද, ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තරම් පරිගණක
Sunday, 17 June 2018
මාධ්‍යවේදීයෙකු යනු?
ප්‍රගීත් ඒක්නැලිගොඩ මහතාගේ අතුරැදහන්වීම ගැන තතු විත්ති නැවත සමාජ කථිකාවතක් ෙලස මතුවී තිබෙනු ඔබට දැකගත හැකි වූවා ෙනාඅනුමානය. ඒ් මහතාගේ බිරිදට අධිකරණයක් තුලදී බැන තර්ජනය කළ නානසාර නැමැති ෙබාදුබල ෙස්නා සංවිධානයේ හිමි නමට බරපතල වැඩ සහිත මාස 6ක සිර දඩුවම් නියම වීම සහ ඔහු චීවර දරා ෙනාසිටීමට අණ ලැබීම අාදිය ෙමයට ෙහ්තු විය. ඒක්නැලිගොඩ මහතා අතුරැදහන් වූ දින සිටම ඔහු මාධ්‍යවේදියෙකු ෙනාවේ, ඔහු ඒල්ටීටීඊ ඔත්තු කරැවෙක් යැයි පිරිස් කීපයක්ම මඩ ප්‍රචාර රැගෙන යනු අපට දැකගත හැකි වුණා. ෙබාහෝ විට ෙමම සියලු පිරිස් ඒක්නැලිගොඩ අතුරැදහන් කළා යැයි ෙචා්දනා ලැබූ කුලකයට සහය දක්වන පිරිස් වීම ද ඉතාමත් වැදගත් කරැණක් බව මතක තබාගත යුතුයි.
ෙමම සිදුවීම සමග මාධ්‍යවේදියෙකු ෙලස නම් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ෙමානවාදැයි කථාබහක් ද අැතිව තිබෙන අවස්ථාවක ඉතාමත් ප්‍රාථිමික මට්ටමේ මාධ්‍ය භාවිතාවක් අැති ශ්‍රී ලාංකේය සමාජයට ලැබෙන දුර්මත දුරැ කරනු වස් යමක් ලිවීමට සිත්විය. මා මේ ලියන ලිපියෙන් සමාජයට යන දුර්මතය ඉවත් කිරීමට ෙනාහැකි බව සැබෑය. නමුත්, අදුරට බැනවදිමින් සිටිනවාට වඩා ඒක් පහනක් දැල්වීම ද අගනේ බව සිහිපත් වූ නිසා මාධ්‍යවේදියෙක් ෙලස හැදින්වීමට අැති නිර්ණායක ගැන මෙසේ ලියමි.
Sunday, 3 June 2018
කම්මැලි නැති මරණය
2018 වසරේ මුල් කාර්තුවේ දිනක දෙමළ ජාතික අප හිතවත් මහත්මයෙක් දකින්නට ලැබිණි. ඒ් ඔහුගේ පවුලේ අය සමග කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගැනීමට ඔහු පැමිණ සිටි බවක් දකින්නට ලැබිණි. ඔහුගේ දියණියන් තිදෙනාගෙන් ෙදදෙනෙකු ද දකින්නට ලැබිණි. කලකට පසු දකින්න ලැබුණු ඔහු පිලිකාවකින් පෙලෙන බව ද අසා තිබුණු නමුත් ඔහුට ඒතරම් අසනීප ගතියක් නම් දක්නට ෙනාලැබුණි. ෙබාරැ වර්ණනාවකට ඒහා ගිය සත්‍ය වශයෙන්ම ගුණ යහපත් පුද්ගලයෙකු ෙලස ඔහුව මට හැදින්විය හැකිව තිබිණි. ඒවන් පුද්ගලයෙකුට ෙමවන් ෙරා්ගයක් වැලදීම ගැන අවස්ථා ගණනාවකදී අපේ නිවැසියන් ද කනගාටු වනු මා අසා අැත්තෙමි. ෙකසේ ෙවතත් ෙපනුමේ හැටියට ඔහුගේ ෙරා්ගී තත්වය සුව අතට හැරෙමින් අැතැයි මම කල්පනා කළෙමි. අයිස් ක්‍රීම් ඒකක් ද නිවසට රැගෙන යාමට මිලට ගෙන සිටි මට ඔහු හා කථා කරන්නට පාර පැන යා යුතුව සිදුවනු අැත. ෙමාහොතක් තීරණයකට අා ෙනාහැකිව සිටි මම පසු දවසක ඔහු හමු වන්නට සිතා වැඩේ කල් දමා ඒන්නට අාවෙමි. සුලු සිද්ධියක් වූ මම ඒය අමතක කළෙමි.
Subscribe to:
Posts (Atom)




