Thursday, 21 June 2018

සිරිසේන අාණ්ඩුවේ මාධ්‍ය නිදහස


පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ  ඒම පාලනයට නයාට අදුකොළ  සේ වූ මාධ්‍ය අායතන කීපයක් විය. ඒ් අතර සිරස මාධ්‍ය ජාලය, ඊතලය වෙබ් අඩවිය, ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය, සියත මාධ්‍ය ජාලය, ලංකා සහ ජනරළ පුවත්පත්, රාවය පුවත් පත අාදිය ද වේ. ඒ් අතර සන්ඩේ ලීඩර් වැනි ඉංග්‍රීසි පුවත්පත් ද විය.  රාවය පුවත්පත හැර අන් සියල්ලට ප්‍රහාර ඒල්ලවිය. රාවය බේරැණේ රාවය සතු කුඩා පාඨක පිරිසට සාපේක්ෂව වික්ටර් අයිවන් හා ගැටීම අනවශ්‍ය අවධානමක් යැයි ඔවුන් කල්පනා කළ නිසා විය හැක. කෙසේ වෙතත් අනිත් අායතන මාධ්‍ය මර්ධනයෙන් බැටකෑහ. ලංකාවේ ඒදා මෙදා තුර ප්‍රථම වරට මාධ්‍ය වාරණය යටතේ අවහිර වූයේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. ඒම කාර්යාලයට ද ප්‍රහාරයක් ඒල්ලවිය.

ඒහි මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන් වූ අතර අදවන තුරැ අාගිය අතක් නැත. කෙසේ වෙතත් වත්මන් ජනපති සිරිසේන මහතා ඒම තනතුරට ගෙන ඒ්මට සිදුවූ දේදුනු විප්ලවයේ දී ලංකා ඊ නිව්ස් ලංකාව තුල අවහිරව ව තිබුණත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ සැලකිය යුතු තරම් ජන මතයක් ගොඩනැගීමට ලංකා ඊ නිව්ස් සමත් විය. සිරිසේන මහතා ජනපති වූ වහාම ඊ නිව්ස් නැවත ලංකාවට බැලිය හැකි ලෙස සකස් විය. ඒ් සිරිසේන මහතා දෙනවා යැයි කියූ මාධ්‍ය නිදහස දෙන්නට යන වැඩපිළිවෙල යටතේ බව පැහැදිලිවේ. නමුත්, ජනපති තනතුරට පත්ව ඔහු හා ඔහුගේ පවුලේ උදවියත්, සමස්ථ රජයත් කරගෙන යන වැඩපිළිවෙල තුල අැති පැරණි රාජපක්ෂවරැන්ගේ දුර්ගුණ හමුවේ ලංකා ඊ නිව්ස් නිශ්ශබ්ද නොවීය. ඔවුන් දිගටම සිරිසේනලාගේ ක්‍රියාකලාපය විවේචනය කළෝ ය.

ජනපති සිරිසේන නැවතත් ලංකා ඊ නිව්ස් තහනම් කළේය.
පසුගිය දා මහනුවර දිගන ප්‍රදේශයෙන් අැවිලුණු ජාතිවාදි ගින්න මැඩපැවැත්වීමට රජයේ අපොහොසත්විය. පොලිසීයේ නොහැකියාව සහ නිසි අවස්ථානූකූල ක්‍රියාමාර්ග ෙනොගැනීම හමුවේ දිගටම අැදී ගිය තත්වයට ජනපති වරයා චෝදනා කළේ ෆේස්බුක් වයිබර් වට්ස්අප් සහ ඉමෝ සමාජ මාධ්‍ය / ක්ෂණික පණිවිඩ සේවා වලටයි. වරක් මානව හිමිකම් ක්‍රියාකාරී මුහීඩ් ජිරාන් චෝදනා කළේ පොලිසීය දකිද්දී මැරයන් ප්‍රචණ්ඩත්වය පතුරැවන බවයි. ඔහු ඊට වීඩියෝ සාක්ෂි ද ඉදිරිපත් කර තිබිණි. ඒවන් පසුබිමක සිරිසේන ජනපතිවරයාට අවශ්‍ය වූයේ තමන්ගේ වැරදි අඩුපාඩු ප්‍රචාරය වන ෆේස්බුක් ජාතිවාදී ගිනි මුවාවෙන් අලු දැමීමයි.

නමුත් අවසානයේ ඒය අසාර්ථක විය. මුල්ම අවස්ථාවේ දී ෆේස්බුක් අවහිර කළ දුරකථන සමාගම් ඒ් ගැන පාරිභෝගිකයන්ට පැවසීමට පවා අපොහොසත් විය. ඩයලොග් සමාගම මේ ගැන විවෘතව ප්‍රකාශ කළේ අවහිර කර දින 4කට පමණ පසුවයි. ඒනම් මෙය ෙදේශපාලනික අවහිර කිරීමක් බව පැහැදිලි වේ. ඒමෙන්ම දැනට සිරගතව සිටින, ලංකාවේ ජාතිවාදී ව්‍යාපාර වල මෑත කාලීන කැදවුම්කරැ වූ ඥානසාර හිමි දිගන සිදුවීමෙන් දින කීපයකට පසු ජනාධිපතිවරයාගේ දූත පිරිස සමග ජපානය බලා ගියේය. ඒයින් අදහස් වන්නේ ඥානසාර හිමි වැනි රාජ්‍ය තනතුරක් නොදරන කෙනෙක් ජනපතිවරයාගේ පෞද්ගලික අනුග්‍රහය මත රාජ්‍ය දූත ගමන් හරහා විනෝද සවාරි යන බවයි. දිගන සිදුවීම අාරම්භ වන්නේ ඥානසාර හිමිගේ දිගන මරණකරැගේ නිවෙස් බැහැ දැකීමත් සමගයි. දිගන සිදුවීමට සම්බන්ධ ජාතිවාදී සංවිධාන වල ප්‍රධාන කාර්යාල ද මහනුවර පිහිටා අැත. බැලූ බැල්මට ඥානසාර හිමි මෙම කටයුත්තට සම්බන්ධ නොවුනා සේ සිටිය ද මෙම ක්‍රියාවලීන් කරගෙන යන පිරිස් අතර අැති අන්තර් සම්බන්ධය ඥානසාර හිමි නිදහස් කරගැනීමේ ක්‍රියාමාර්ගය හරහා අපට දැකගත හැකි වනු අැත.

අනුරාධ බර්නාඩ්

No comments:

Post a Comment