Saturday, 26 May 2018

හිගා ෙනාකා හිගා කෑම

රම්බොඩ දිය අැල්ල යනු පේරාදෙණිය නුවරඒළිය මාර්ගයේ රම්බොඩ උමග පසුකර යන විට හමුවන මනස්කාන්ත දිය අැලි ෙකාමලියකි. කොත්මලේ ප්‍රාදේශීය සභාව මගින් පරිපාලනය වන ෙමම භූමියේ සිදුවන අකටයුත්තක් ඒහිම ඡන්ද දායකයෙක් ලෙස ලියන්නේ ඉමහත් ලැජ්ජාවෙනි. ෙමම දිය අැල්ල ෙලස ෙබාහෝ ෙදනෙකු දන්නේ
පාලම අාසන්නයේ අැති ෙකාටස පමණයි. නමුත් රම්බොඩ දිය අැල්ල ෙහාදින් නැරඹීමට තරමක් දුර ෙගවා පඩිපෙල කදුහෙල් තරණය කර මද දුරක් ඉහළට නැගිය යුතුය. ඒවිට ඔබට අැස අදහාගත ෙනාහැකි සුන්දර දිය අැල්ලක් සමග සුපිරි අත්දැකීමක් ලැබිය හැක. ෙමම අත්දැකීම විදින්නට කොත්මලේ ප්‍රාදේශීය සභාව රැ 20ක ටිකට්පතක් නිකුත් කරයි. ඒම මිල කිසි සේත් අසාධාරණ ෙනාවන්නේ ඔබට යාමට සිදුවන මාර්ගය පිරිසිදුව තබා දීම පවා අතිශය දුෂ්කර කටයුත්තක් නිසාවෙනි. ඒමෙන්ම ෙප්රාදෙණියෙන් පිටත් වන ඔබට ශරීරකෘත්‍ය සදහා සුදුසු ගැලෙපන ස්ථානය වන්නේ ද ෙමම දිය අැල්ල අසබඩ පිහිටුවා අැති වැසිකිලි පද්ධතියයි. ඒයට ද ඒහි රැදී සිටින මහලු ෙදමළ කාන්ාවක් රැපියල් 20 අය කරන්නේ අවසර අැතිව ද නැතිව ද ෙනාදන්නා නමුත් ඉන් කමක් නැත.
වඩාත් රසවත් වන්නේ ඒය ෙනාව මා දැන් ඔබට කියන්නට යන කතන්දරයත් සමග බව ඉදුරාම පැවසිය යුතුය.
 ඔබ ඔබේ වාහනය රම්බොඩ දියඅැල්ල අාසන්නයේ නතර කළ විට ෙපරකී කාන්තාව හෝ අැය සමග සිටින තවත් කාන්තාවක් ඔබේ වාහන ළගට පැමිණ හිගමන් යැදීමට උත්සහ කරනු අැත. ෙම් සදහාම සූදානම් වතුකරයේ කාන්තාවන්ගේ පෙනුම සහිත කීපදෙනෙකු සිටියි. ඔවුන් නම් ෙපරකී වැසිකිලියේ මුදල් ඒකතු කර තැනැත්තියත්, ඒ් අවට ෙවළදාමේ නිතර ඒවැනිම කාන්තාවන් කීපදෙනෙකුත් ය.

ඔවුන් මුලින් ඔබෙන් හිගමන් යැද කීයක් හෝ ඉල්ලාගනී, ඉන් පසුව වැසිකිලියට යන්නට යද්දී නැවත රැ 20ක් දිය යුතු බව අවධාරණය කරන්නේ ෙමාහොතකට ෙපර සිටි ප්‍රතිරෑපය ෙවනස් කරමින් ය. ඊටත් වඩා ලස්සන අත්දැකීම වනුයේ සියල්ල අවසානයේ ඔබ නැවත වාහනයට ෙගාඩවී යාමට සැරසෙද්දී නැවතත් පැමිණ හිගමන් යැදීමට තරම් ඔවුන් නිර්භීත වීමයි.

කෙසේ ෙවතත් ෙමම හිගමන් යැදීම සහ මුදල් ඒකතු කිරීම පිටුපස අප ෙනාදත් කදුලු කථාවක් ද තිබිය හැක. වතුකරයේ පිරිස් ජීවිතය ගැටගසා ගන්නට දගලන දැගලිල්ල සුලුපටු ෙනාවේ. කටුක ශිතල, කූඩැල්ලන්, අඩු අාදායම සහ සෑම අතින්ම ඒල්ලවූ පීඩනය හමුවේ ඔවුන් ෙගවන්නේ අන්ත දුක්ඛිත ජීවිතයක් බව පැවසිය යුතුමය. ඒබැවින් ෙදවරක් ෙනාසිතා හැකි ෙලස මුදලක් අත තබන්නේ ඔවුන්ගේ පවුල් වලට සවියක් වන්නට අවශ්‍ය බැවිනි. ඔබත් නුවරඒළියේ ගමන අතරතුර රම්බොඩ කොමලිය නරඹා ඒහි සිටින දෙමළ කාන්තාවට ද අායුබෝවන් කියා පැමිණිම මැනවි.

අනුරාධ බර්නාඩ්
https://facebook.com/askbern
https://twitter.com/anuradhabernard

No comments:

Post a Comment