Saturday, 26 May 2018
ෙදවියන් බුදුන් විකුණගෙන කෑම
මීට වසරකට ෙදකකට ෙපර ශ්‍රී දළදා මාලිගාවේ අැතුල්වීමේ ප්‍රවේශපත්‍රය රැපියල් දහසකි. හෑහ්... දළදා මාලිගාව අැතුලට යන්න ටිකට් ගන්නේ කවදා ඉදලාද? සමහරැන්ට මතුවන ප්‍රශ්නයයි. ඔව් දළදා මාලිගාව අැතුලට යන්න මුදල් ෙගවිය යුතුයි. යන හැමෝටම ෙගවන්න ෙවන අවස්ථාවක් තියෙනවා කියලත් සදහන් කළ යුතුයි.
හැබැයි ඒ් විදේශිකයන්ට පමණයි. විදේශිකයන්ට පමණක් ෙනාව ඔබටත් ඔබ සපත්තු ෙසරප්පු ගලවා තබනවාට අාධාරයක් ලබාගැනීමේ මුවාවෙන් අනිවාර්යෙන්ම ගෙවන්නට සිදුවනු අැත. මා ඒසේ සදහන් කරන්නේ ඔබ ෙසරප්පු කවුන්ටරයට ලබාදී නැවත මාලිගාවෙන් ඒළියට පැමිණෙන විට ඔබ මුදල් ෙනාගෙවා සෙරප්පු ගැනීමට උත්සහ කළොත්, අැත්තටම ඔබ කැමැත්තෙන් දෙනවා යැයි පැවසෙන අාධාරය ෙනාදී යන්නට හදන විට ඒහි සිටින මාලිගාවේ රාජකාරී බාර මහත්වරැන්ගේ ෙනායෙකුත් වාචාල කථා අැසීමට සිදුවනු අැත. ඒ් රැපියල් 20ක් පමණ නිසා ඒතරම් ෙනාදැනෙන්නේ උපරිම 5 දෙනෙකුගේ පවුලක් ගියත් රැපියල් 100කින් ෙගාඩ දා ගැනීමට හැකි නිසාවෙනි. ඒ් හැර දේශීය සංචාරකයන්ට/බැතිමතුන්ට මුදල් ෙගවීමට සිදුනොවේ.
නමුත් විදේශීය සංචාරකයන්ට දැනට පවතින නීතිය ප්‍රකාරව රැ 1500ක් ෙගවා ටිකට් පතක් මිලට ගැනීමට සිදුවේ. ඒම සංචාරකයන් සාර්ක් කලාපී්‍ය රටවල අය නම් ඒම මුදල මදක් අඩු වන අතර රැ 1000ක පමණ ටිකට් පතක් සෑහෙන අතර ඒහිදී ඔවුන්ගේ ගමන් බලපත්‍ර ඉදිරිපත් කර තම පුරවැසිභාවය ඔප්පු කර වට්ටම ලබාගත හැක.
අයකරන ගාස්තුව තරමක් අසාධාරණ යැයි සිතුනත් ෙඩාලර් 9-10 මුදලක් වන ඒය සංචාරකයන්ට දැරිය ෙනාහැකි තරම් මිලක් ෙනාවේ. නමුත් ඒ් සදහා ලබාදෙන පහසුකම් වල නම් ෙලාකු තෘප්තියක් ලැබිය ෙනාහැක. බොහෝ විට පාවිච්චි කිරීමට හරිහමං වැසිකිලියක් ෙහා් තිබේ දැයි ගැටලු මතුවේ. මාලිගාව අැතුලත විදේශිකයන්ට සහය වීම තබා දේශීය වන්දනාකරැවන්ට ෙහා් සනිපාරක්ෂක පහසුකම් නිසිලෙස ෙනාමැත. කිසියම් අවස්ථාවක බරපතල අපහසුවකින් පෙලෙන ෙකනෙකුට භාවිතය සදහා ෙසා්පානයක් (ලිෆ්ට් ඒකක්) ද අැති අතර මාලිගාව ෙපාලීසියේ මහත්මයෙක්ට දන්වා ඒයට අැතුල්වීම මාලිගාවේ පත්තිරිප්පුවේ සිට වැව ෙදසට වන්නට අැති පැති පිවිසුමෙන් ලබාගත හැක.
ඒමෙන්ම ෙවනම මුදල් ගෙවා ෙහඩ් ෙෆාන් කට්ටලයක් සහිත ශබ්ද සංචාරක උපදේශනයක් ද ලබාගත හැක. ඒවිට මාලිගාව පුරා අංක කර අැති ප්‍රදේශ වල අදලා ෙතාරතුරැ වාදනය කරගත හැක.
ෙමලෙස ටිකට් මිලට ෙගන අැතුල්වන විදේශිකයන්ට තම සපත්තු ෙසරප්පු තබා යන කවුන්ටරයට ෙවනම රැපියල් 100ක මුදලක් අය කරන අතර ඒය අාධාරයක් විලාශයට ෙනාව ගාස්තු අය කරන ක්‍රමයටම අතිරේකව අයකරනු ලබයි.
මගේ අදහසේ හැටියට නම් ෙමය දළදා මාලිගාව නැරඹීමට පැමිණෙන විදේශිකයන් අතර අප්‍රසාදය ඉහළ නැංවීමට ෙහ්තුවන කරැණක් බව සදහන් කළ යුතුයි. හුදෙක් සෙරප්පු සපත්තු තබාගැනීමට රැපියල් සීයයක් අය කිරීම අසාධාරණය. මන්ද, ඔවුන් ඒ් වන විටත් ඒමෙන් 15 ගුණයක මුදලක් ෙගවා අැතුල්වීමට සහ සේවා ලබාගැනීමට ටිකට්පත් ලබා අැතිහෙයිනි.
දේශීය වන්දනාකරැවන්ගෙන් සපත්තු තබන රාක්කය ගාව සිටින අය මුදල් ගසාකෑමට උත්සහ කිරීම තේරැම්ගත හැකි නමුත් ෙමම විදේශිකයන්ගෙන් රැ100 බැගින් මංකොල්ලකෑම ඉතාමත් ලැජ්ජා සහගත ක්‍රියාවකි. ෙමම කටයුත්ත වහාම නතර කළ යුත්තේ ඒයින් රටට වල අපකීර්තිය සහ බුදුන් වහන්සේටත් කරන අගෞරවයක් නිසාවෙනි.
ෙබාහෝ විට සංචාරක මග ෙපන්වන්නන්ට සංචාරකයන් අසන පැන වලට කට උත්තර නැති ෙවයි. ඒබැවින් විකුණන් කෑම වඩා සදාචාර සම්පන්නව සිදු කිරිම වගකිවයුත්තන්ෙග් අවධානය ලැබේවා.
අනුරාධ බර්නාඩ්
http://facebook.com/askbern
http://twitter.com/anuradhabernar
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment