Tuesday, 19 June 2018

අමතර අාදායමකට හරි මග


අද සමාජයේ අපට ඒදිනෙදා හමුවන බොහෝ දෙනෙකු විමසන්නේ අමතර අාදායම් මාර්ගයක් ගැනයි. ඒ් නිතර අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා මාධ්‍යකරණය වෘත්තිය කරගත් පුද්ගලයෙක්  ලෙස බොහෝ  දෙනෙකු මා හදුනාගෙන අැත බැවිනි. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැකිදැයි යන්නයි. විටින් විට නගර සහ ගම්බදව ද අන්තර්ජාලයෙන් මුදල් උපයන අාකාරය ගැන කියා දෙන වැඩමුලුද පවත්වනු ලබන අාකාරය දැකගත හැකියි. ප්‍රථමයෙන්ම මම සදහන් කළ යුත්තේ මගේ අරමුණ හුදෙක් අන්තර් ජාලයෙන්ම මුදල් උපයන අාකාරය ගැන කියා  දෙන්නට නොව ඔබට අතිරේක අාදායම් මාර්ගයක් සකස් කර ගැනීමට යම් අත්වැලක් සැපයීම බවයි.

ප්‍රථමයෙන්ම ඔබ  නොකළ යුතුම දේ වනුයේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියාදෙන වැඩමුලු වලට මුදල්  ගෙවා සහභාගී වීමයි. මන්ද, ඔබ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තරම් පරිගණක
තාක්ෂණයේ අත්දැකීම දැනුම අැති පුද්ගලයෙකු නම් ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන ප්‍රධාන ක්‍රම දැන සිටිය යුතු නිසාවෙනි. ඒසේ නොදන්නේ නම් ඔබ තවමත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට තිබෙන ප්‍රධාන ක්‍රමවලට සුදුසු නැත. ඒසේ නම් කළ යුත්තේ තමන්ගේ පරිගණක දැනුම වැඩිකර ගැනීමයි.

අතිරේක අාදායම් මාර්ගයක් ගැන කල්පනා කරන විට ඔබ මතක තබාගත යුත්තේ නිශ්චිත කාලසීමාවක් ඒනම් උදේ 8 සහ සවස 5 අතර සාම්ප්‍රදායිකව කළමණාකාරිත්වයක මගපෙන්වීම යටතේ පඩිය උදෙසා වැඩ කරන කෙනෙකුට අතිරේක අාදායම් මාර්ගයක් සකසා ගැනීම ඉතා අපහසු බවයි. ඔබ සම මම ජීවත් වන ලංකාවේ පිරිස ජානගතව සහල් ගොවිතැනට හුරැවූ අනිත් රටවල් වලට සාපේක්ෂව ඉතාමත් උදාසීන දිවිපෙවෙතක් ගත කළ පිරිසක් නිසාවෙන් අපට මහන්සිවී වැඩ කිරීම තරමක් අපහසුවේ. ඒ් අප සිටින්නේ ඉතා සශ්‍රීක ජල සම්පත සහිත සරැ  පොළොවක් අැති රටක බැවිනි. ඒබැවින් වසරකට දින 365න් දින 40ක් පමණ සහල් ගොවිතැනටත් තවත් දින කීපයක් රජයේ කටයුතු වලට රජුටත් සේවය කළ ලාංකිකයා වැඩි කාලයක් අඩු මහන්සියකින් කල්ගෙවා අැත.

පරණ කථා පැත්තක තබා අප අාරම්භ කරන විටම අපිට වඩා  සෑම රටකම පුරවැසියන් පාහේ ඉතා  වෙහෙසී වැඩ කරන අය බව මතක තබාගනිමු. ඔබට අතිරේක අාදායම් මාර්ගයක්  ප්‍රධාන වශයෙන් ගත හැක්කේ අලෙවිකරණයයි. අලෙවිකරණය ෙහවත් භාණ්ඩ හා ෙස්වා සපයන්නා ප්‍රධාන වශයෙන් ඉතාමත් නිහතමානී වීම අත්‍යවශ්‍යයි. ඔබේ පාරිභෝගිකයාට ඉතාමත් ගරැ සරැ අැතිව සහ සිත් අැදගන්නා ෙලස කථා කිරීමට ඔබට හැකිවීම මූලික අාකාරයයි.

1) අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා භාණ්ඩ හා ෙස්වා විකිණීම. - ඔබ ෙෆ්ස්බුක් ගිණුමක් අැති අයෙකු නම්, ඔබ විසින් සකස් කරන ලිපිද්‍රව්‍ය, උපන්දින හෝ ෙවනත් සුබ පැතුම්පත්, කල්තබාගත හැකි අාහාර ද්‍රව්‍ය, ෙවඩින් ෙක්ක් ෙහා් ෙවනත් ෙක්ක් ඔිඩර්, මල් ෙහා් මල්පැල, අත්කම්, නිමි අැදුම්, අාභරණ, සපත්තු ෙසරෙප්පු, තේකොළ, කුලුබඩු රසගැන්වූ ෙකා්පි, ජෑම්, චට්නි, සම්බෝල අාදි කෑම, රසකැවිලි, පැණි වැනි ෙබාහෝ ෙද්වල් ඔබට විකිණිය හැකියි. ඔබට ශ්‍රී ලංකා තැපෑල සහ කුරියර් ෙස්වා ඔස්සේ ෙම්වා ලංකාවේ ඔිනෑම තැනකට පැය 24 සිට දින 7 දක්වා කාලයක් තුල යැවිය හැක. ඒමෙන්ම විශේෂ අවධානය අවශ්‍ය ෙක්ක් වැනි ද්‍රව්‍ය සදහා ෙවනම අාරක්ෂිත ප්‍රවාහන පහසුකම් ද ඉහත ෙස්වා අායතන සපයන්නේ ඉතාමත් සාධාරණ මිලකටයි.

2) ඊළගට ඔරිෆ්ලේම් වැනි අායතන ඔබට නිෂ්පාදන ෙබදාහැරීමට සහ විකිණීමට ලබාදෙනු ලැබේ. ෙමහිදී ඔබ විසින් ෙනාකළ යුතු ෙදයක් වන්නේ පිරමීඩ් ක්‍රමයට භාණ්ඩ හා ෙස්වා විකිණීමයි. ඒනම් ඔබ ඔබේ ගනුදෙනුකරැවන්ව තවත් විකිණුම්කරැවන් ෙලස අායතනයට බදවා ගැනීම ෙනාකළ යුතුයි. ඔබ හුදෙක් භාණ්ඩ හෝ ෙස්වා විකුණා ලබන ෙකාමිෂන් මුදල හැර විකුණුම්කරැවන් හදුන්වා දී ඔවුන් හරහා මුදල් ඉපයීමට උත්සහ ෙනාකළ යුතු අතර සමාගම් මගින් කරන ඉල්ලීම කාරැණිකව ප්‍රතික්ෂේප කර හුදෙක් ඔබ අලෙවිකරැවෙකු ලෙස කටයුුතු කරන්නට රිසි බව පැවසිය හැක.

3) දින දෙකක පුහුණුවකින් පසු ඔබට ලංකාවේ ක්‍රියාත්මක ඔිනෑම රක්ෂණ සමාගමක රක්ෂණ ඔප්පු විකුණන්නෙකු ලෙස විවෘත ගිවිසුමක් යටතේ ඒක්විය හැක. ඒහිදී ඔබට අැතැම් අායතන ස්ථීර මූලික පඩියක් සහිතව නිතර අායතය හා සම්බන්ධව සේවය කරන්නට හෝ මූලික වැටුපක් නොමැතිව විකුණන විට ගෙවීම් පදනම යටතේ හෝ බදවා ගනී. මගේ නිර්දේශය ඔබ මූලික වැටුපක් රහිතව බැදීම් අඩු තත්වයක් යටතේ සේවය කිරීම පහසු බවයි. රක්ෂණය යනු අද කාලයේ ඉතා අත්‍යවශ්‍ය දෙයක් නිසා ෙමෙම කටයුත්ත අනිත් සියල්ලට වඩා ඉතා සාර්ථක සහ වැඩි අාදායමක් ඉපයිය හැකි ව්‍යාපාරයකි.

4) සිංහල ඉංග්‍රීසි හෝ ෙදමළ භාෂා වලින් ටයිප් කිරීමට දන්නා ඔබට ටියුෂන් ගුරැවරැන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ පෞද්ගලික හෝ රාජ්‍ය අායතන වල නිලධාරීන්ගේ ව්‍යාපෘති සදහා සහය විය හැක. රැපියල් 50 සිට ඉහළ මිල ගණන් වලට පිටුවකට අය කළ හැකියි. ඉංග්‍රීසි සිංහල  දෙමළ යන අනුපිළිවෙල අනුව මෙහි අගය වැඩි වේ. ඒයට ඔබට පරිගණක දැනුමක් ද අවශ්‍ය වේ.

5) ග්‍රැෆික්, ටයිපින් වැනි පරිගණකාශ්‍රිත දැනුම සහ ගිණුම්කරණය වැනි දේ පිළිබදව ද ඡායාරෑප කරණය වැනි දේ පිළිබදව ද දන්නා ඔබට freelancer.com වැනි වෙබ් අවඩි හරහා ඔබගේ ගිණුමක් සාදාගෙන ඒයට ලැබෙන අැනවුම් බාරගැනීමට  හැක. ඒහිදී ඔබ නිර්දේශ කරන මුදලකට ලොව වටා ඔබේ පාරිභෝගිකයන් සේවා ලබාගනු අැත. ඒය ලංකාවේ ලක්ෂ පතියන් බිහි කළ සහ කරන ව්‍යාපාරයකි.

ෙම් සියල්ලටම පාහේ ඔබට යම් ඉංග්‍රීසි දැනුමක්, පරිගණක දැනුමක් සහ බැංකු කටයුතු පිළිබද දැනුමක් ද අපේක්ෂා කෙරෙයි.

ඔබට බොහෝ කටයුතු වලට, ස්මාට් ෆොන් ඒක්ක ෙහා් පරිගණකයක් තිබීම ප්‍රමාණවත්. ඒමෙන්ම රියදුරැ බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රය වැනි ඉංග්‍රීසියෙන් නම සදහන් ඡායාරෑපයක් සහිත හැදුනුම් පතක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒමෙන්ම පිළිගත් බැංකුවක බැංකු ගිණුමක් සහ ඒ් සමග නිතර ගනුදෙනු වල නිරත වීම ද වැදගත් වනු අැත. ඒ් අතරතුර ඉවසීම, කාල කළමණාකරණය සහ ධනාත්මක අාකල්ප ද තිබීම අත්‍යවශ්‍ය වනු අැත.

අාරම්භයක් ලෙස මෙම කරැණු ඔබට සදහන් කළේ ඔබ විසින් අමතර අාදායමක් ගැන සිහින මවන්නේ නම් සකස් කරගත යුතු දේවල් මේවා බැවිනි.

බ්ලොග් අඩවිය සමග දිගටම රැදෙන්න.
යෝජනා චෝදනා ඒවන්න.

ෙෆ්ස්බුක් ඔස්සේ https://facebook.com/askbern
ට්වීටර් ඔස්සේ https://twitter.com/anuradhabernard

යන ලිපින වලින් මා  හමුවිය හැකියි.

අනුරාධ බර්නාඩ්

No comments:

Post a Comment