Sunday, 3 June 2018
කම්මැලි නැති මරණය
2018 වසරේ මුල් කාර්තුවේ දිනක දෙමළ ජාතික අප හිතවත් මහත්මයෙක් දකින්නට ලැබිණි. ඒ් ඔහුගේ පවුලේ අය සමග කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් මිලට ගැනීමට ඔහු පැමිණ සිටි බවක් දකින්නට ලැබිණි. ඔහුගේ දියණියන් තිදෙනාගෙන් ෙදදෙනෙකු ද දකින්නට ලැබිණි. කලකට පසු දකින්න ලැබුණු ඔහු පිලිකාවකින් පෙලෙන බව ද අසා තිබුණු නමුත් ඔහුට ඒතරම් අසනීප ගතියක් නම් දක්නට ෙනාලැබුණි. ෙබාරැ වර්ණනාවකට ඒහා ගිය සත්‍ය වශයෙන්ම ගුණ යහපත් පුද්ගලයෙකු ෙලස ඔහුව මට හැදින්විය හැකිව තිබිණි. ඒවන් පුද්ගලයෙකුට ෙමවන් ෙරා්ගයක් වැලදීම ගැන අවස්ථා ගණනාවකදී අපේ නිවැසියන් ද කනගාටු වනු මා අසා අැත්තෙමි. ෙකසේ ෙවතත් ෙපනුමේ හැටියට ඔහුගේ ෙරා්ගී තත්වය සුව අතට හැරෙමින් අැතැයි මම කල්පනා කළෙමි. අයිස් ක්‍රීම් ඒකක් ද නිවසට රැගෙන යාමට මිලට ගෙන සිටි මට ඔහු හා කථා කරන්නට පාර පැන යා යුතුව සිදුවනු අැත. ෙමාහොතක් තීරණයකට අා ෙනාහැකිව සිටි මම පසු දවසක ඔහු හමු වන්නට සිතා වැඩේ කල් දමා ඒන්නට අාවෙමි. සුලු සිද්ධියක් වූ මම ඒය අමතක කළෙමි.
තවත් වැසි සහිත දිනයක ෙමවැනිම සිදුවීමක් මට සිදුවිය. මීට සති කීපයකට ෙපර ඒදා ෙමන්ම කොළඹ සිට නිවෙස බලා යන අතරතුර අප නිවෙස අාසන්න නගරයේ දී මගේ පාසල් කාලයේ මිතුරෙකු දකින්නට ලැබුණි. කුඩාම කාලයේ සිට අප පාසලේම ඉගෙන ගත් ඔහු 7-8 පන්ති වල සිට සාමාන්‍ය පෙළ මට්ටම දක්වා මගේ පන්තියේම ඉතාම ලගින් අැසුරැ කළ අයෙකි. මට යහලුවන් යැයි ඒක ඒල්ලේ කියන්නට හැකි අය අතේ අැගිලි ගණනටත් අඩු වූයේ ෙමකල පමණක් ෙනාවේ. පාසල් කාලයේ දීද මා ඒතරම් තදින් මිතුරන් අැසුරැ ෙනාකළෙමි. ෙකසේ ෙවතත් මා නිතර ෙදවෙල් ගැවසුණු මිතුරන් අතර ෙමාහු ද ඒක් අයෙකි. ඔහු මගේ මවගේ ද අාදරයට පාත්‍ර වූ මගේ ගුණයහපත් (යැයි සිතා සිටින) මිතුරන් 5-6 ෙදනා අතර කෙනෙකි. උසස් පෙළ සදහා ෙවනත් පාසලකට යාමෙන් පසුව සහ සාමාන්‍ය පෙළ ලියා මේ වසරට දශකයක් පිරී අැති නිසාත් ඔහු මෑතක මට හමු ෙනාවීය. කිසි දවසක තදින් තරහා ෙනායන සහ තරහ හිතේ තියාගෙන ෙනාසිටින මිතුරන් අතර යහපත් මිතුරෙකු ෙලස ඔහු හැදින්විය හැකි විය. නමුත් දශකයක් පසුවී අැති නිසාදෝ මා අද වන විට ඔහු ගැන වැඩි යමක් ෙනාදැන සිටියෙමි. ඒබැවින් මා ඔහු හමුවී කථා බහ කළ යුතුව තිබිණි. නමුත් සුපුරැදු කම්මැලි කම සියල්ල පරයා පැමිණ අැත. මම පසුව ඔහු හමුවන අදහසින් මා යන්නට පැමිණි බැංකු ගමන යන්නට පටන් ගත්තෙමි. ඒදත් පාර මාරැවී ඒහා පැත්තට ගියා නම් ඔහු හා කථා බහ කරන්නට හැකියාව වේලාව සහ සෑම අතින්ම අවස්ථාව තිබිය දී ද මම මගහැර ගියෙමි. ඒ් මාගේ මුල්බැසගත් කම්මැලිකමයි. (ෙකාටින්ම ෙමම ලිපිය ලියන්නට සිතා සිටියේ මීට දිනකට ෙපරයි.). ඒ් සිද්ධියත් ඒලෙසම අමතක කර දැමුවේ මතක තබාගැනීමට තරම් විශේෂ ෙනාවූ නිසාවෙනි.
ෙම් සාමාන්‍ය සිදුවීම් දෙක හා සමාන අවස්ථා මවිසින් කම්මැලකම මූලික කරගෙන කටයුතු කර අැති බව ෙනාකියා නොසිටිමි. ඒකී සාමාන්‍ය සිදුවීම් ෙදකට අන් සිදුවීම් වලට වඩා විශේෂ වැදගත් කමක් ලැබී අැති නිසා අද මේ ලිපිය ලියන්නට සිතුවෙමි. අද මම ෙදවැනියට සදහන් කළ මගේ පාසල් මිතුරා ලක්මාල් විරාජ්ගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනයයි. පසුගිය මැයි 31 වැනිදා වයස අවු 26ක තරැණයෙකු වූ ඔහු රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී අවසන් හුස්ම ෙහලුවේය. ඒ් ඉන්ෆ්ලුවෙන්සා හෝ ඒවැනි රෝගී තත්වයකින් දින 10ක් පුරා පීඩා විදිමින් සිට වන අතර ඔහුගේ මව පවසන පරිදි මිය ගිය අාකාරය තවම නිශ්චිතව සදහන් කර නැත.
ඒදා මා ඔහු හා කථා කළා නම් ඔහු මියයන බව ෙනාදැන සිටියත් කලකට පසු අපේ මිත්‍රත්වය අලුත් කරගත හැකිව තිබුණා විය හැකියි. නමුත් මගේ කම්මැලිකම මට අහිමි කර අැත්තේ නැවත ලබාගත ෙනාහැකි අවස්ථාවකි. පළමු අවස්ථාවේ සදහන් කළ ගිල්බට් මහතා මීට මාස 3කට පමණ පෙර අවසන් ගමන් ගියේ නැවත ඔහු හමුවීමට මට අවස්ථාවක් ෙනාදෙමින් ය. අපට ජීවිතය දෙවැනි අවස්ථාවක් ෙද්වි ද යන්න අවිනිශ්චිත බව අප ෙත්රැම්ගත යුතුය.
මම මෙහි අවස්ථා ෙදකක් පමණක් සදහන් කළත් මට ඒවැනි දෙවැනි අවස්ථා ෙනාතිබූ ෙබාහෝ දෑ මතකයට නගාගත හැක. පසුගිය වසර දහයක කාලය අාශ්‍රය නොකළත් කලක් ඒදිනෙදා හමුවූ ඒකට පාසල් ගිය මිතුරෙකුගේ වියෝවක් මම ෙමතරම් ඉක්මනින් බලාපොරොත්තු ෙනාවීය. කිසිදු නිදන්ගත ෙරා්ගී තත්වයකින් පීඩා ෙනාවිදි ඔහුගේ මරණය මට මුලදී විශ්වාසයට ගත ෙනාහැකි විය. ඒම නිසාම ෙමම අත්දැකීම සහ සිතිවිල්ල වචනයට නගන්නට මම තීරණය කළේ තවත් කෙනෙකුට තමන්ට ලැබෙන අවස්ථාව ෙදපාරක් ෙනාහිතා ලබා ගන්නට ෙයා්ජනා කරන්නටයි.
කලක පටන් මම නිදා ගැනීමට ඒතරම් ප්‍රිය ෙනාකරමි. අපට ජීවත් ෙවන්නට අැත්තේ සුලු කාලයකි. මම මේ ලිපිය ලියන අතර ද ඔරලෝසුවේ තත්පර කට්ට ටික් ටික් අනුකරණයෙන් ගමන් කරනු මට අැසෙයි. ඒ් කෙමෙන් කෙමෙන් අප සැම මරණය ෙවත පියමනින හඩයි. ඔරලෝසුවේ බැටරිය ගලවා තබා ඒය තරමක් ප්‍රමාද කළ හැකි නම් යැයි මට සිතෙයි. ඒසේ කළ හැකි වේ නම් නොකර සිටින්නෝ කවුරැන්දෝ? නාස්ති කිරීමට තරම් කාලයක් අපට තිබේද? අප ෙගවෙන් සෑම තත්පරයක්ම, අපට ලැබෙන සෑම අවස්ථාවක්ම අමිල යැයි මට හැගෙයි.
ඒබැවින් සෑම තත්පරයක්ම ප්‍රයෝජනවත්ව සහ තවත් ෙකනෙකු ඔබ ගැන යහපත සිතන කථා කරන ෙදයක් කරන්නට වැය කරමු. ෙමම ලිපිය ලියා කියවන්නට හැකි කෙනෙකුට පෙනෙන සේ බ්ලොග් අවකාශය වෙත ෙයාමුකරන්නට මට අැත්තේ නොඉවසිල්ලකි.
අනුරාධ බර්නාඩ්
03/06/2018
සවස 5 පසුවී මිනිත්තු 36
ලයික් කරන්න https://facebook.com/askbern
https://instagram.com/ask.bern
ෆලෝ කරන්න https://twitter.com/anuradhabernard
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment