Sunday, 17 June 2018
මාධ්‍යවේදීයෙකු යනු?
ප්‍රගීත් ඒක්නැලිගොඩ මහතාගේ අතුරැදහන්වීම ගැන තතු විත්ති නැවත සමාජ කථිකාවතක් ෙලස මතුවී තිබෙනු ඔබට දැකගත හැකි වූවා ෙනාඅනුමානය. ඒ් මහතාගේ බිරිදට අධිකරණයක් තුලදී බැන තර්ජනය කළ නානසාර නැමැති ෙබාදුබල ෙස්නා සංවිධානයේ හිමි නමට බරපතල වැඩ සහිත මාස 6ක සිර දඩුවම් නියම වීම සහ ඔහු චීවර දරා ෙනාසිටීමට අණ ලැබීම අාදිය ෙමයට ෙහ්තු විය. ඒක්නැලිගොඩ මහතා අතුරැදහන් වූ දින සිටම ඔහු මාධ්‍යවේදියෙකු ෙනාවේ, ඔහු ඒල්ටීටීඊ ඔත්තු කරැවෙක් යැයි පිරිස් කීපයක්ම මඩ ප්‍රචාර රැගෙන යනු අපට දැකගත හැකි වුණා. ෙබාහෝ විට ෙමම සියලු පිරිස් ඒක්නැලිගොඩ අතුරැදහන් කළා යැයි ෙචා්දනා ලැබූ කුලකයට සහය දක්වන පිරිස් වීම ද ඉතාමත් වැදගත් කරැණක් බව මතක තබාගත යුතුයි.
ෙමම සිදුවීම සමග මාධ්‍යවේදියෙකු ෙලස නම් ලැබීමට තිබිය යුතු සුදුසුකම් ෙමානවාදැයි කථාබහක් ද අැතිව තිබෙන අවස්ථාවක ඉතාමත් ප්‍රාථිමික මට්ටමේ මාධ්‍ය භාවිතාවක් අැති ශ්‍රී ලාංකේය සමාජයට ලැබෙන දුර්මත දුරැ කරනු වස් යමක් ලිවීමට සිත්විය. මා මේ ලියන ලිපියෙන් සමාජයට යන දුර්මතය ඉවත් කිරීමට ෙනාහැකි බව සැබෑය. නමුත්, අදුරට බැනවදිමින් සිටිනවාට වඩා ඒක් පහනක් දැල්වීම ද අගනේ බව සිහිපත් වූ නිසා මාධ්‍යවේදියෙක් ෙලස හැදින්වීමට අැති නිර්ණායක ගැන මෙසේ ලියමි.
1) සරලව ඔිනෑම ෙකනෙකුට ෙත්රැම් යන ලෙස මාධ්‍ය ෙකාටස් 4ක් ලෙස අද ෙලා්කයේ දැකිය හැක. රෑපවාහිනිය/ගුවන් විදුලිය/මුද්‍රිත මාධ්‍ය/නව මාධ්‍ය. ෙම් 4න් ඒක් වර්ගයක් තුල සම්මත අාචාර ධර්ම අනුගමනය කරමින් ෙතාරතුරැ සන්නිවේදනය කරන්නා මාධ්‍යවේදීයෙකු ෙව්.
2) මාධ්‍ය වේදියෙකු නිසි ලෙස මාධ්‍ය පිළිබදව අධ්‍යාපනයක් ලබා තිබීම අවශ්‍ය වේ. අැතැම්විට අත්දැකීම් පමණක් වීම ද උනන්දුවෙන් තම කටයුතු වල නියැලෙන කෙනෙකුට ප්‍රමාණත්ව විය හැක. ස්වයං අධ්‍යයනයක හෝ නිරත වී තිබීම නම් අත්‍යවශ්‍ය ෙව්.
3) මාධය හා බැදුණු නීතිය, අාචාර ධර්ම සහ වෘත්තීය රීතීන් දැන සිටීම ක්‍රියාත්මක කිරීම කරන කෙනෙකු විය යුතුයි.
4) විචාර බුද්ධියක් සහ බහුශ්‍රැත දැනුමක් සහිත පුද්ගලයෙකු ෙනාවේ නම් ඔහු මාධ්‍යවේදියෙකු ෙනාවේ.
5) ලංකාවේ හෝ විදේශයක ක්‍රියාත්මක වන කුමන හෝ අාකාරයක රෑපවාහිනී නාලිකාවක, ගුවන් විදුලියක්, පුවත්පතක් සගරාවක් ෙහා් ඒවැනි කිසියම් මුද්‍රිත මාධ්‍යයක්, ෙවබ් අඩවියක් සදහා වැඩසටහන් ෙහා් ලිපි හෝ කාටූන් ෙහා් ඡායාරෑප සැපයීම කරන කෙනෙකු විය යුතුයි.
6) ඒසේත් නැතිනම් තමන්ගේ නව මාධ්‍ය ක්‍රමයක් - සමාජ මාධ්‍ය, බ්ලොග් ෙහා් ෙවබ් අඩවියකින් ඉහත කී නිර්ණායක යටතේ වෘත්තිමය මට්ටමේ ෙතාරතුරැ සන්නිවේදනය කරන්නෙකු විය යුතුයි.
7) ඒසේත් නැතිනම් ප්‍රධාන පෙලේ මාධ්‍ය අායතනයක පුරවැසි සන්නිවේදන අංශයකට ප්‍රවෘත්ති හෝ ප්‍රවෘත්තිමය අමුද්‍රව්‍ය සපයන්නෙකු විය හැක.
8) ඒමෙන්ම අැතැම් මාධ්‍යවේදීන් වෙස්වලා ගනිමින් ගවේශණාත්මක මාධ්‍යකරණයේ ෙයදෙන අවස්ථා ද අැත. (උදාහරණ - මෑතකදී අල්ජසීරා ප්‍රවෘත්ති ෙස්වය ක්‍රිකට් තණතීරැ වංචාවක් ගැන ෙතාරතුරැ ඉදිරිපත් කළා)
9) ෙම් සියලු කාරණා වලදී කෙනෙකු මාධ්‍යවේදියෙකු හෝ ඒසේ ෙනාවන ඔිපාදූප කාරයෙකු ද යන්න තීරණය වන්නේ ඔහු හෝ අැය දක්වන වෘත්තීය හැසීරිම මතම පමණක් ෙව්. ඒම හැසිරීම දැනුම සහ හැකියාව මතම පදනම් ෙව්.
10) ෙබාහෝ දෙනෙකු මාධ්‍යවේදීන් යැයි සිතා සිටින්ෙන් තඩි කැමරාවක් අටවාගෙන හෝ මයික්‍රෆෝනයක් අටවාගෙන මාධ්‍ය අායතන වලින් ලබාදෙන ෙදෙනික රාජකාරි සදහා යන ප්‍රවෘත්ති ෙදපාර්තුමේන්තුව පුවත්පත් සාකච්ඡා සදහා අැතුල්වීමට පහසුවීමට ලබා දී අැති හැදුනුම්පතක් ඒල්ලාගත් පිරිසයි. ඔවුන් අතරත් මාධ්‍යවේදීන් සිටිය හැකි බව කිවයුතුයි. නමුත් ඔවුන් හුදෙක් මාධ්‍ය ෙස්වකයන් මිස මාධ්‍යවේදීන් ෙනාවේ.
11) ෙලාව මාධ්‍ය කර්මාන්තය තනිකර රැදී තිබෙන්නේ ඔබ දන්නා ඔය හැදුනුම්පත ඒල්ලා ෙනාගත් නිදහස් මාධ්‍යවේදීන්ගේ දක්ෂතාවය සහ කැපවීම මතයි.
12) ලංකාව තවමත් ෙකාළකෑලි මත විශ්වාසය තබන රටකි. ඒබැවින් ම අප තවමත් දියුණුවෙමින් පවතින රටකි. ෙබාහෝ දියුණු රටවල පුරවැසියන් සංස්ථාපිත මාධ්‍ය අායතන ගැන ෙලාකු විශ්වාසයක් ෙනාදක්වයි. ඒබැවින් සංස්ථාපිත අායතන පවා උපුටා දක්වන්නේ නිදහස් මාධ්‍යවේදීන් වයි. ඔවුන් ෙතාරතුරැ ලබාගන්නේ ස්වාධීන මාධ්‍යවේදීන්ගෙන් බව ඔබ නිතර ජාත්‍යන්තර මාධ්‍ය අැසුරැ කරනවා නම් දන්නවා අැත.
ඒබැවින්, මාධ්‍ය අායතන වල ෙස්වක මහත්ම මහත්මීන් සහ මාධ්‍යවේදීන් යනු ෙදපාර්ශවකයි. නිදහස් මාධ්‍ය වාර්තාකරණය තම ජීවිකාව කරගත් පිරිස් ෙමරට සිටින බව ෙබාහෝ අය ෙනාදන්නේ ඔවුන් සාමාන්‍ය ග්‍රාහකයන් පමණක්ම වන නිසායි. ප්‍රගීත් ඒක්නැලිගොඩ යනු ලංකා ඊ නිව්ස් අායතනයට නිදහස් මාධ්‍යවේදීයෙකු ෙලස සේවය කළ අයෙකි. දැන් ඒංගලන්තයේ සිට රජයේ අවහිර කිරීම් වලින් පීඩා විදිමින් සිටින ඊ නිව්ස් සේවය මහින්ද රාජපක්ෂ සමයේ ෙමරට තිබූ අතේ අැගිලි ගණනටත් අඩු නව මාධ්‍ය අායතන අතර ප්‍රමුඛතම ෙවබ් අඩවියකි. නමුත් ඔවුන් ගවේශණාත්මකව සහ සීමා මායීම් අතික්‍රමණය කරමින් පැවති රජය සහ පවතින රජය යන ෙදකෙහිම වැරදි අඩුපාඩු ෙපන්වා ෙදමින් ජනතාවට ෙතාරතුරැ දැනගැනිමේ අයිතිය තහවුරැ කර දී අැත. දේශපාලන බලයට, ෙවළද දැන්වීම ලබාදෙමින් කරන මුල්‍ය අල්ලස් වලට සංස්තාපිත මාධ්‍ය අල්ලේ නැටවෙද්දී ප්‍රගීත්ලා ඒසේ නැටවිය නොහැකිවූ තැන අතුරැදහන් කර දැමීය. තවමත් ජනතාවගේ පැත්ෙත් හිටගත් ප්‍රගීත්ලා ජනතාවට වටින්නේ නැත.
ප්‍රගීත්ගේ අතුරැදහන් වීමේ ෙනාදකින පැත්ත. තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.
අනුරාධ බර්නාඩ්
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment