Thursday, 21 June 2018

කිලිනොච්චියේ දී සාහසික ෙලස මරා දැමූ කොටියා


කථාව පටන් ගත යුත්තේ කිලිනොච්චියේ මිය ගිය කොටියාට දිවියා යැයි කියන අයව නිවැරදි කරමින් යන්න මාගේ පුද්ගලික අදහස විය.  Panthera pardus kotiya (පැන්තෙරා පාඩස් කොටියා) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශ්‍රී ලංකා කොටියා බොහෝ දෙනෙකු දිවියා යන වැරදි නාමයෙන් හදුන්වයි. ලංකාවේ දිවියන් සිටියි. නමුත් මේ පුල්ලි සහිත සුන්දර පෙනුමක් අැති දිවියන්ට වඩා විශාල බිළාල පවුලේ ශ්‍රී ලංකා කොටියා දිවියෙකු නොවෙයි. ලොව වාසය කරන කොටි ප්‍රභේද 8න් ඒකක් වන ශ්‍රී ලංකා කොටියාට කොටියා නොකියන්නේ ලංකාවේ අපට කොටියා යනු ඒල්ටීටීඊ සංවිධානය ලාංඡනයට භාවිතා කරන ඉන්දියානු බෙංගාලි ව්‍යාඝ්‍රයා යන නමින් හදුන්වන කොටි විශේෂය පමණක් අපට කොටියා ලෙස දැනෙන බැවිනි. අතීතයේ ශ්‍රී ලංකා කොටියාට කොටියා යන වදන සිංහල මිනිසුන් භාවිතා කර අැත. ඒ් අනුව නිවැරදි ඉංග්‍රීසි වචන පිළිවෙලින් කොටියා යන්නට Leopard යන්නත්, ව්‍යාඝ්‍රයා යන්නට Tiger යන්නත් භාවිතා කිරීම සුදුසුයි යන්න මාගේ පුද්ගලික හැගීම වේ.
ලංකාවේ පමණක් ජීවත් වන මෙම කොටි විශේෂය ගැන යමක් දැනගන්න කැමති කෙනෙකුට තොරතුරැ නම් මෙසේ ය.

ප්‍රථමයෙන්ම අවධාරණය කළ යුත්තේ යාල, විල්පත්තුව සහ හෝටර්න් තැන්න ජාතික වනෝද්‍යාන තුල ඉතා සමීපව කොටියා දැක අැති මට අවධාරණය කළ හැක්කේ කොටියා යනු මිනිසුන්ට පහරදෙන සත්වයෙකු නොවේ. අලියා තරම් වත් කලබල වන හෝ කලබල නොකරන කොටියා ඉතාමත් අහිංසක සත්වයෙකි. මිනී කන කොටියන් ගැන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුවත් මෙරට පුරැද්දක් ලෙස මිනී කෑ කොටියෙකු ගැන මම නම් අසා නැත. ඒ් කෙසේ වෙතත් මා වැනි මාධ්‍ය අවශ්‍යතා සදහා අාධුනිකයෙකු ලෙස කොටියන් නිරීක්ෂණය කළ අයෙකුට වඩා ඔිනෑ තරම් සත්ව විද්‍යාඥයින් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් අැති පරිසරවේදීන් කොටියා ගැන තව දේවල් කියනු අැත. ලොව සිටි හොදම දඩයම්කරැවන් අතර ඉතාමත් විනයක් සහිතව දඩයමේ යෙදුණු ලෝක පූජිත දඩයම්කරැවන් දෙදෙනෙකුගේම අදහස් මම ඔබ හා බෙදා ගන්නට කැමැත්තෙමි. ඔවුන් දෙදෙනාම සමාජ අවශ්‍යතා සදහා මිනිකන කොටියන් දිවියන් ව්‍යාඝ්‍රයින් සහ සිංහයන් දඩයම් කළ, විනෝදය සදහා කිසිදු සතෙක් දඩයම් කළා යැයි සිතිය නොහැකි ඒමෙන්ම දකුණු අාසියානු වනාන්තර ගැන හසල දැනුමක් තිබූ පුද්ගලයන් ය. ඒයින් ඒක් අයෙකු වන්නේ සර් ජිම් කොබොට් නැමැති උතුරැ ඉන්දියාවේ සහ සමස්ථ ඉන්දියාවේම වැඩිම ගෞරවයට පාත්‍ර වූ දඩයම්කරැවායි. අපේ රටේ සිටි බේකර්ස් ලා, රොජර්ස් ලා ගැන මෙන් නොව, යහපත් මිනිසුන් ලෙස ඔවුන් ඉතිහාසයට ඒක්වූයේ වනයට සතුන්ට දැක්වූ අාදරය නිසාවෙනි. අනිත් දඩයම්කරැ වූයේ දකුණු ඉන්දියාවේ කෙනත් අැන්ඩර්සන් මහතායි. ඔවුන් දෙදෙනාම බ්‍රිතාන්‍ය ඉන්දියාවේ සහ නිදහසින් පසුවත් ඉන්දියාවේ ගෟෙරවයට පාත්‍ර වූ පුද්ගලයින් වේ. ඔවුන් අත්දැකීම් අැසුරින් ලියූ පොත්පත් වල නිරන්තරයෙන් සදහන් කරන්නේ මෙවැනි සතුන් කිසිම අවස්ථාවක නිකරැණේ මිනිසුන්ට පහර නොදෙන බවයි. මිනී කන්නට පුරැදු වන්නේ ද තමන්ගේ සුපුරැදු ගොදුරැ ලබාගැනීමට අැති ප්‍රබල නොහැකියාවක් නිසා බවයි.

කොටියෙකුට අමානුෂික ලෙස පහරදී මරා දැමූ සිද්ධීන් ගණනාවක් අප මෑත ඉතිහාසයේ අසා අැත්තෙමු. කිලිනොච්චියට පැමිණි දිවියාව කැලයට පළවාහැරීමට හොදටම හැකියාව තිබූ බව මගේ අදහසයි. ඒමෙන්ම ගම්වාසීන් වනජිවී නිලධාරීන්ට අනවශ්‍ය ලෙස බලපෑම් කර නීතිය අතට ගෙන අැත. මෙම සිදුවීම දැඩි පිළිකුලෙන් යුතුව අප හෙලා දැකිය යුතුව අැත. මම හැකි සෑම අවස්ථාවක දීම පාසල් දරැවන් හමුවේ කොටියන් වැනි සතුන් අහිංසක සතුන් බවත් ඔවුන් හානි නොකරන බවත් ප්‍රකාශ කර අැත්ෙතමු. විටෙක ඒම දරැවන්ම, සහ විටෙක අසා සිටිය කෙනෙකු මගේ මෙවැනි දේ හිටි  හැටියේ පාසල් සිසුන්ට කියන්නේ අැයි දැයි නෝක්කාඩු ස්වරෑපයෙන් අසා විමසති. මම ඒලෙස යම් යම් දේ ප්‍රකාශ කරන හේතුව මගේ ගෝල බාලයන්ට අද රෑපවාහිනියෙන් දකින්නට ලැබෙනු අැත. ඒමෙන්ම මගෙන් ප්‍රශ්න අහන අය අැතැම් විට නැවත නොඅසනු අැත.

කොටියන් අලි අැතුන් යනු කුකුළන් ගවයන් හරකුන් උෟරන් මෙන් ඔිනෑ තරම් සිටින සතුන් නොවේ. අපට මස් පිණිස අවශ්‍ය නම් හරක් අැති තරම් අැතිකරගත හැක. නමුත් ඉතා සීමිතව අපට සිටින කොටියා අපට ඒලෙස වනයට ලබා දිය නොහැක. අප දිගින් දිගටම කැලය වනසමින් ඔවුන්ගේ වාසස්ථාන පවා විනාශ කරමින් සිටියි.

ෙබාහෝ වැඩිහිටි පුද්ගලයන්ට තමන්ගේ වත්තේ පමණක් නොව අනුන්ගේ වත්තේ ද තිබෙන ගහකොල පෙන්නට බැරිය. මගේ නිවසට දකුණු පසු අැත්තේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක් සහ ගුරැවරියකගේ නිවසකි. ඔවුන්ගේ දරැවන් ගෙන්  කෙනෙක් ඉංජිනේරැවරියකි. අනිකා වෙෙද්‍යවරියකි. පුත්‍රයා ද රජයේ රැකියාවක නිරත වෙයි. මෙම පුද්ගලයා මුලු වත්ත පුරාම ගස් කපා දමන අතර අපේ වත්තේ ද අැති ගස් කපන්නට ඉල්ලන්නේ කොල වැටෙන බව පවසමිනි. ගහකොල සමග ඔහුගේ වෙෙරය මට පැහැදිලි නැත. මහා මාර්ගයෙන් අප නිවසට අා යුත්තේ කන්දක් නැගගෙනය. ඒහි මුල් කොටස පමණක් ඉතා මෑතක ඒ් අසල වූ කොස් ගස කපා දැමුවාට පසුව සිමෙන්ති යොදා සකස් කර අැතුවා මිසක වෙන කොහෙවත් සිමෙන්ති යොදා සකස් කර නැත. ඒ් වයස අවු 78 වූ මගේ මිත්තනිය සහ මගේ පියා මවිසින් පරිසරය ස්වාභාවිකව පවත්වාගෙන යාමට කළ ඉල්ලීම් වලට කන් දුන් නිසා ය. මගේ මිත්තනිය විටෙක ෙමම පඩිපෙලක් නොමැති කමින් යම් අපහසුතාවට පත්වුනත් අැය මට අද වනතුරැ දොස් පවරා නැත.

ගහකොල රකින්නට කථා කරන අප කටින් පමණක් බතල සිටුවන්නේ නැත. අප දරණ මතවාද ජීවිතය තුලින්ම ඔප්පු කර පෙන්වන්නෙමු. මා වන සතුන්ට අාදරය කළාට නිර්මාංශ අාහාර පමණක් ගන්නෙකු නොවේ. මා නිතර හැකි පමණ මස් මාංශ අාහාරයට ගන්නා අතර, ඒය ප්‍රිය කරමි. ඒ් වෙනුවෙන් පෙනී සිටිමි. මේ අවිහිංසා වාදය නොවේ. මේ දේශ ප්‍රේමය ද නොවේ.

අපට පෘථිවිය හැර යාමට තැනක් නොමැත. වසර 50ක් 60ක් මිහිමත ජීවත් වන අප කවුරැත් මිය යා යුතුය. තාවකාලිකව අපට ජීවිතය දෙන මේ මහ පොළව අප රැකගත යුතුය. වසර ලක්ෂ ගණනකට පෙර තිරිසන් සතුන් ලෙස හැසිරැණ අපේ මුතුන් මිත්තන් ලෙස අප හැසිරිය යුතු නැත. කිලිනොච්චියේ මිනිසුන්ට දයාව දක්වන්නට කාලය ඒළඹ අැත. ඔවුන් ද දකුණ මෙන්ම පශ්චාත් යුධ මානසිකත්වයෙන් දැඩි අාවේග ශීලීව සිටින බවක් පෙනෙයි.

ලංකාවේ බොහෝ දේ ඉතා ඉක්මනින් වෙනස් වියයුතුව අැත. රටකට ජාතියකට අාගමකට වහල් නොවී සද මත සිට පෘථිවිය නම් අපේ ගෙදර, මේ සුන්දර නිල් ග්‍රහයා දකින්නට අපට හැකි වුණා නම් අප නීල් අාම්ස්ෙට්‍රාන් මෙන්ම පෘථිවියට අාදරය කරනු අැත.

මම
අනුරාධ බර්නාඩ්

අදහස් යෝජනා චෝදනා ඒවන්න

ෙෆ්ස්බුක් ඔස්සේ  https://facebook.com/askbern
ට්වීටර් ඔස්සේ  https://twitter.com/anuradhabernard

#AnuradhaBernard

No comments:

Post a Comment