Saturday, 26 May 2018

කිරි අම්මාට ප්‍රේම කිරීම...

හරක වැඩ කරන්න ඒපා. හරකෙක් වගේ හැසිරෙන්න ඒපා අාදි වශයෙන් අප සමාජයේ හරකා යන්න මුග්ධ බව හැගවීමට භාවිතා කරන පදයක් බවට පත්ව අැත්තේ චිරාත් කාලයක් පටන් ය. කෙසේ ෙවතත් හරකා සදකඩ පහණට ඒන්නේ ද ඉන්දීය බලපෑම නිසා බව අප ඉතිහාසයට උගත්තෙමු. ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත නිසා හරක් නම් චිරාත් කාලයක් අප රටේ වසන්නට ද අැත. නමුත්, අන්තවාදී ෙනාවූ බුදු දහමෙන් ෙපා්ෂිත ලංකාව ඉන්දියානුවන් තරම් හරකා ගැන ෙවාරි වූවා යැයි මට නම් සිතෙන්නෙ නැත. ෙකසේ ෙවතත් ඔස්ට්‍රේලියාවෙන් කිරිපිටි ගෙන්වන මහා පරිමාණ දේශීය සහ නවසීලන්ත ව්‍යාපාරික අායතන ෙදක (තවත් ඒවා තිබේ)ට පින් සිදුවන්නට අප දැන් කිරි අම්මාට පෙම් බැදි ජාතියකි..
ඉන්දියාවේ නම් හරකා දිව්‍යමය සතෙකි. ඔවුන් උදේ හවා හරක් නමස්කාර කරති. වරක්, නවසීලන්ත ජාතික මා මිතුරැ විලියම් ඉන්දියාවේ මුම්බායි සිට කිලෝමීටර් සියගණනක් උතුරින් පිහිටා අැති වාපි ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක යන අතර උදෑසන පාර ෙදපස ෙපාට්ටු තියා අැති හරක් රංචු ෙපන්වා ලංකාවේ ද ඒලෙස හරක්ට සලකනවා දැයි අැසීය. මා පැවසුවේ ලංකාවෙත් හරක් පාර පුරා යන්න අත්හැර දමා සිටින නමුත් හරක්ට වදින අය නම් ඒතරම් සුලභ නැති බවයි.

ඔහු ඒසේ අසන්නට අැත්තේ හරක් ෙගන්ම ජීවත් වන නවසීලන්තයේ පවා හරක් පාරේ ෙමතරම් දුලබ නැති නිසාවෙනි. ෙකසේ ෙවතත් ඒක් අතකින් හරක්ට ෙපම් බදින්නට කෘතිමව ප්‍රචාරක ව්‍යාපාරයක් කරගෙන යති. තමන් සුදනන් බව පෙන්වන්නට කැමැති බහුතරයට ෙමම ප්‍රචාරක ව්‍යාපාරය ඉතා තදින් ග්‍රහණය කරගනි. නමුත්, හරකා ෙගානා මීහරකා යන්න උපහාසාත්මකව ෙයදීම අපට ප්‍රචාරක ව්‍යාපාරයකින් ලැබුණ ෙදයක් ෙනාවේ. ඒය ෙමරට භාෂාව හා බැදුණු නිරායාසයෙන් පැමිණෙන වදනකි. ෙබාහෝ විට ෙමසේ වන්නට අැත්තේ අතීතයේ ද්‍රවිඩ පුද්ගලයන් හරක්ට දක්වන ෙගෟරවය සිංහලයාට තරමක් හාස්‍ය ගෙනදෙන වදනක් නිසා වෙන්නට අැතුවාට කිසි සැකයක් නැත. නමුත්, විටෙක අගෞරවනීය වදනක් වන හරකා විටෙක ෙදවියෙකු ෙලස පුදන්නට අාරාධනා කරන්නේ ෙමරට කිරි කර්මාන්තය විනාශ කිරීමට මාන බලන කිරිපිටි කාරයන් බව නම් ෙනාරහසකි.

පසුගිය දිනක පුත්තලම ප්‍රදේශයේ අයාලේ යන හරක් ගැන මුහුණුපොතේ සටහනක් දක්නට ලැබුණු අතර ඒහි ඒක් ප්‍රතිචාරයකින් කියැවුනේ ඒම ප්‍රතිචාරය යොමුකළ තරැණයා බරපතල රියඅනතුරකට ලක්කරන්නට ද කිරි අම්මා කෙනෙකු සෙනෙහබර වී අැති බවයි. ගව මස් කර්මාන්තය කරා යොමු කළ යුතු කිරිවැරෑ හරක් සහ වයස් ගත හරක් නිදැල්ලේ මුදාහැරීමෙන් මතුවන ප්‍රශ්න ගණනාවකි.
  1. මහා මාර්ග අසබඩ ගැවසීමෙන් මාර්ග අනතුරැ ඉහළ යෑම
  2. හරක් අැණීම හෝ පැන්නීම නිසා කුඩා දරැවන් සහ වැඩිහිටියන් ද අනතුරට පත්වීම
  3. අයාලේ යන හරක් වනෝද්‍යාන වලට පැන වියළි කලාපයේ තිබෙන අවසන් තණ  පිටි උලා කෑ පසු වන සතුන්ට අාහාර හිගවීම
  4. වයස්ගත සතුන් අතර ඉතා ඉක්මනින් බෝවන අාසාදන රට පුරා පැතිරී රටේම කුර ෙරා්ග වසංගතයක් වී ගව සම්පත විනාශ වී යාම
  5. සියයට සියයක්ම ෙද්ශීය කර්මාන්තයක් සහ පිටරටින් ඒක තඹ සතයක ෙදයක් ෙනාගෙන්වා කරගෙන යන හරක් මස් කර්මාන්තයට සැපයුම අඩාල වීම
  6. සැපයුම අඩාල වීම නිසා මස් මිල ඉහළ ෙගාසින් රටේ පෝෂණ අවශ්‍යතාවට මරැ පහරක් වැදීම
  7. පරණ වූ මස් පිටරටින් අානයනය කරන්නට සිදුවුවහොත් වන දැවැන්ත විදේශ විනිමය වියදම
  8. ගව සම්පතට අැතිවන ලෙඩ ෙරා්ග නිසා කිරි සැපයුම අඩාල වන විටි ඉහළ යන කිරිපිටි අානයනය වියදම
  9. අයාලේ යන හරක් නිසැකව හරක් ෙහාරැ විසින් කිසියම් අවස්ථාවක අල්ලාගෙන යන නිසා යම් පිරිසකට අයථා මුදල් ඉපයිමකට අවස්ථා සැලසීම
  10. අයාලේ යන හරක් ගම්වැදී අස්වනු කෑමට ගැනීමෙන් විහ හැකි විනාශය (දැනට අලින්ගෙන් පීඩා විදීම බලන්න)
 ෙමම අමූලික අැත්ත කථා කරන්නට ෙගාසින් වරක් මගේ ප්‍රධානියා වූ හිටපු මහවැලි අධිකාරියේ ප්‍රධාන විගණන නිලධාරී තැන වූ මහත්මයෙක් අහිමි කරගත් අායෝජන මුදල රැපියල් මිලියන 2.5කි. 2013 වසරේ දී පමණ මගේ මිතුරෙකුගේ අාරාධනය පරිදි ඔහුගේ නැන්දනිය වූ රත්නපුර රෝහලේ ළමා විශේෂඥ ෙෙවද්‍යවරියක් හමුවන්නට මම ගියෙමි. ඒ් ග්‍රාමීය ප්‍රදේශ වල දරැවන්ට විශේෂ අධ්‍යාපන ක්‍රමවේදයක් සදහා වන ව්‍යාපෘතියකට අායෝජනයක් ලබා ගැනීම ගැන සාකාච්ඡා කරගැනීමටයි. පසුව අැයගේ නිර්දේශය මත අැයගේ සැමියා වන ලංකාවේ ප්‍රධානතම අමාත්‍යංශයක ප්‍රධාන ඉංජිනේරැ තැන හමු වන්නට අප ෙදදෙනාට අමතරව මගේ ප්‍රධානියා වන ෙපරකී ගණකාධිකාරීවරයා ද සම්බන්ධ කර ගත්තෙමි. වෘත්තියෙන් ගණකාධිකාරී වරයෙකු වුවත් ඔහු මහවැලියේ ෙනාදන්නා අස්සක් මුල්ලක් නැත. කෘෂි හා පශු සංවර්ධන අංශ වල ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති ගණනාවකි. මහවැලි ගවයන්ට ෙකාස් ලබාදීම මගින් අානයනික අාහාර වල වියදම කපා හැරියේ ද ඔහු අතර ඔහු පවසන්නේ ගවන්ට ෙකාස් ලබාදීම කිරි අස්වැන්න ලීටර් 1 හෝ 1.5 ඉහළ දැමිය හැකි පෝෂදායී ලාභදායී විසදුමක් බවයි.
කෙසේ ෙවතත් ඒදා අප නිදහස් චතුරශ්‍රය අසබඩ නව අමාත්‍යංශ ෙගාඩනැගිල්ලට ගියේ හරක් ෙහා් කිරි ගැන කථා කිරීමට ෙනාව තාක්ෂණය සහ අධ්‍යාපනය ගැන කථා කිරීමටයි. නමුත් ව්‍යාපෘති ඉදිරිපත් කිරීම අවසන් වී අායොජකයාගේ ධනාත්මක වචනයක් ද ලබාගැනීමට අපට හැකි විය. ෙකසේ ෙවතත් ෙපර සාකච්ඡා කළ පරිදි ඔහු මිලියන 2.5න් මිලියන 2ක අායෝජනයක් කරන්නට ඒකගවී තිබිණි. අප ඒ්වන විටත් මිලියන බාගයක අායෝජනයක් සිදුකර තිබිණි.
කථාව අවසානයේ ඔහු දිවා අාහාරය සදහා අපට අැරයුම් කළ අතර ඒහිදී ෙකාහෝ ෙදා් සිට  හරක් කථාවක් කථා බහට ඒක්විය. ඒහිදී මගේ මරි මෝඩ ප්‍රධානියා අායෝජක මහතා ඒ් මොහොතේ තමන් හරක් මරණ ඒකට විරැද්ධ බව සදහන් කළ වදන ද ෙනාසලකා හරිමින් තාක්ෂණිකව හරක් මැරීම කිරි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන අයුරැ පැහැදිලි කළේ ය. ෙමහිදී මම පැහැදිලිව අායෝජකයාගේ මුහුණේ අැතිවූ ෙනාසතුට නිරීක්ෂණය කළෙමි. අවසානයේ අායෝජකයා සතියක් අැතුලත අකමැත්ත ප්‍රකාශ කරමින් පණිවිඩ ඒවූ අතර මගේ මිතුරාද මට මුහුණු ෙනාදෙන තැනට කටයුතු සිද්ධවූයේ ඔහු කල්පනා කළේ ඔහුගේ වරදක් නිසා ව්‍යාපෘතිය අසාර්ථක වූ බව නිසාවෙනි. මන්ද, අප ඔහුගේ නිදහස් අායෝජන සැලැස්ම බාරගත්තේ ඒ් වන විට අපට කොන්දෙසි ගණනාවක් සමග තවත් ප්‍රබල සමාගමකින් ලැබුණු කරදර කාරී නමුත් සාර්ථක අායෝජනයක් අත්හරිමින් බව ඔහු දැන සිටි නිසායි.

පසුව මම මාගේ ප්‍රධානියාට පැහැදිලි කර දුන්නේ ශුද්ධවූ සත්‍ය වුවද සැගවිය යුතු රටක අප ජීවත් වන නිසා වුවමනාවට වඩා අවංක වීම "හරක්" වැඩක් බවයි.
විටෙක ගෞවරවාර්ථ පදයක් වන තවත් විටෙක උපහාසාර්ථ පදයක් වන හරකා ගැන තව දුරටත් සිතා බැලීම ඔබට බාරයි.

සුබ ඉරැදිනයක්..

අනුරාධ බර්නාඩ්
https://facebook.com/askbern
https://twitter.com/anuradhabernard

No comments:

Post a Comment